Sunday, September 4, 2011

ලේනාගෙ ඈබෑද්දිය . . .

මම එහෙනම් මේක හා හා පුරා කියලා ඈත්තම කතාවකින් පටන්ගන්නම්කො.

මේ සිද්ධියට අවුරුදු 12ක් විතර වෙනවා. අදාල පුද්ගලයා මේක දෑක්කොත් මොනවා කියයිද මන්ද. කමක් නෑහෑ ඕන දෙයක් උනාවේ කියලා කතාව කියන්නම්කො.

මේක වෙලා තියෙන්නේ අපේ මොරටුව කෑම්පස් එකේ යාළුවෙක්ට.

ඔය කොල්ලො කෙල්ලො ට්‍රිප් යනකොට පොඩ් කොල කෑලිවල තමන්ගේ නොම්මරේ ලියලා, දකින දකින එකාට විසිකරන උනක් තියනවනේ. මේ කතාවේ නායකයාටත් මෙහෙම නොම්මරයක් හම්බ්වුනා. එත් පොඩ් අවුලකට තිබ්බෙ, කවුද කෙල්ල කියලා මූ හරිහෑටි නොදන්න එක.

ඔන්න ඉතින් මූ මේ නොම්මරේට කතාකරා. කෙල්ලෙක් තමා. ඉතින් මෙහෙම ටික දවසක් කතාකරයි කියමුකො. දෑන් ඉතින් මූට ෆෝන් එකෙන් ලව් කරා ඈති.ඉතින් මූ කෙල්ලට යෝජ්නාවක් දෑම්මා හම්බ වෙන්න. කෙල්ලත් ඉතින් සුපුරුදු ලෙස ගනන් උස්සලා එහෙම දවසක මූට තෑනක්, වෙලාවක් දුන්න.

අපේ එකත් ඉතින් පළවෙනි පාරට කරන එකකුත් නෙමෙයි, පුරුදු වෙන්න කරන එකකුත් නෙවෙයිනෙ. අදින ඈදුම්, පාට කාරිය කතා කරගත්ත. කෙල්ලව දන්නෙ නෑති නිසා, මූ කරේ කතාකරගත්ත හෑටියට නෑතුව වෙන  කලර් එකක එකක් දාගෙන යන්නයි සූදනම.

මූ ඉතින් කට්ටියටත් කියලා කෑම්පස් එකෙන් සුබ මොහොතෙන් පිටත් උනා.

ඔන්න ඉතින් අපි සුපුරුදු ලෙස වල කෑන්ටිමේ 12.30 ට 1.00 ට වගේ කෑම කකා ඉන්න කොට මෙන්න මේකා එනවා, මූනෙයි ඈග පුරාමයි දාඩිය නාගෙන හරියට මහ වෑස්සකට අහුවෙච්ච එකෙක් වගේ.

මූව දෑක්කහම කට්ටියට කෑමත් අමතකයි. කාගෙත් උනන්දුව කෙල්ල ගෑන දෑනගන්න.

කට්ටියම අහනව " මචන් කොහොමද කෑල්ල"

ඉතින් මූ හතිදදා කියනවා " මචන් යන්තම් මචන් බේරුනේ, තව පොඩ්ඩෙන් ඒකී මාව දකිනවා. යකෙක්ම තමයි බන් කියලා.

මට අද වගේ මතකයි, මූ දකුනතින් කන ගමන් වමතින් උගේ වම් ඈහෑ ඈත් කරලා පෙන්නනවා " ඈස් දේකේ ලොකු, මෙන්න මේවගේ " කියල.

ඔන්න ඕක තමයි මට මුලින්ම මේ බ්ලොග් එකේ සටහන් කරන්න මතක් උන ස්ටොරි එක. හෑබෑයි මේ කාතාව මෙතනින් ඉවර නෑහෑ. අදට ඉතින් ඈති වගේ. සේරම එකපාර කිව්වමත් වෑඩක්නෑහෑනෙ නේද?